Principal’s Special Message

විදුහල්පතිතුමාගේ විශේෂ නිවේදනය!

මැයි 03, 2020

2019 වර්ෂයේ පැවති අ. පො. ස. (සා. පෙ.) විභාගයේදී විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර දෙමින් විද්‍යාලයට කීර්තියක් අත්කර ගැනීමට දායක වූ හිටපු විදුහල්පතිතුමාටත් සියලුම සහකාර හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ටත්, දෙමව්පියන්ටත්, ආදී ශිෂ්‍ය සංගමයටත්, ආදරණිය සුමංගල පුතණුවන්ටත් මාගේ ගෞරවය පිරිනමමි. එසේම විභාගය සමත් වූ දරුවන් අ. පො. ස. (උ. පෙ.) විෂය ධාරාවන් තොරා ගැනීමේදී තමාගේ අනාගත රැකියා ඉලක්කයන් සපුරා ගැනීමට සහය වන පරිදි ඒවා තෝරා ගැනීමටත්, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා පහසුවෙන් ප්‍රවේශවීමට ඇති හැකියාව, අදාල විශ්ව විද්‍යාල වල පාඨමාලාවන් පවතින ආකාරය මෙන්ම පාසැලේ ඉගැන්වීම සිදුකරනු ලබන විෂයන් පිළිබඳවත් අවබෝධයක් ලබාගෙන ක්‍රියාකරන මෙන් දන්වා සිටින අතර දෙමව්පියන්, ගුරු මහත්ම මහත්මීන් ඒ සඳහා දරුවන්ට සහය වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. ලුතිනන් කර්නල් ජී. පී. බී. ලියන්ගස්කුබුර
විදුහල්පති
ශ්‍රී සුමංගල විද්‍යාලය – පානදුර